spot_img
spot_img

ප්‍රතිකාර ලබමින් සිටි කේ.සුජීවා ගැන අලුත් ආරංචියක්

අතුරුගිරිය ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිණී කේ.සුජීවා මහත්මිය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

එහි දී ගායන ශිල්පිනියගේ පාදයකට උණ්ඩ දෙකක් වැදී තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කේ. සූජීවාගේ සැත්කම් කිහිපයකින් අනතුරුව මුදල් ගෙවා ප්‍රතිකාර කිරීම් සිදුකරනු ලබන වාට්ටුවක ප්‍රතිකාර ලැබු අතර මේ වන විට ඇය රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

පසුගිය 8 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මිය ගියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...