spot_img
spot_img

පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට

මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදුන්නා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත්කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම්කර තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් අක්කර 2500කට ආසන්න භූමි ප්‍රමාණයක් ඉස්සන් වගාවට යැයි සඳහන් කරමින් රක්ෂිත භාවයෙන් මුදාහැරීම සඳහා වනජීවී විෂයභාර අමාත්‍යවරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

එම ගැසට් නිවේදනය වනජීවි හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව නිසා අදාළ වනාන්තර කලාපයට පිවිසෙන සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම ජල ජීවීන්ට ද විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කළා.

මේ හරහා ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ද දැඩි බලපෑමක් සිදුවන හෙයින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...