spot_img
spot_img

ටැටූ ආයතනයේ හිමිකරු රහස් ප්‍රකාශයකට අවසර ඉල්ලයි

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා සිටියා.

සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා තම සේවා දායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණයට දන්වා තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබාදීමට හැකි බව දන්වා සිටියා.

ඒ අනුව, අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගැනීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...