එළැඹෙන ජනාධිපතිවරණය සඳහා දමිළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, නිවේදනය කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට අද (22) දිනයේ එළැඹුණු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරනගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සංධානය ප්ලොට් සංවිධානය, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, ටෙලෝ සහ සිවිල් සංවිධාන ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෙලෙස පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට යාපනයේ දී එකඟතාවකට පැමිණ ඇත්තේ.
ඒ අනුව, නාමයෝජනා භාරදීමේ දිනයන් ප්‍රකාශයට පත් කළ පසු පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙම අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව ප්‍රචාරක කමිටුවක්, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීමේ කමිටුවක් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා කමිටුවක්ද පත් කෙරනු ලබනවා.




