spot_img
spot_img

Windows මෙහෙයුම් පද්ධතියේ දෝෂය ලංකාවට බලපෑම් එල්ල කළා ද?

‘CrowdStrike’ මෘදුකාංගය යාවත්කාලීන කිරීම නිසා ‘Microsoft Windows’ මෙහෙයුම් පද්ධතියේ ඇති වූ දෝෂය හේතුවෙන් ලංකාවේ පෞද්ගලික ආයතන 4ක මෙහෙයුම් පද්ධතිවලට ද බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මේ සම්බන්දයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉන්ජිනේරු චරුක දමුණුපොළ මේ බව සඳහන් කළා.

තොරතුරු ඉන්ජිනේරුවරයා සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල පද්ධතිවලට මෙම දෝෂය මතු වූයේ ද ?යන්න සොයා බැලීම සඳහා වාර්තාවක් කැඳවා ඇති බව ය.

දැනට පවතින තොරතුරු අනුව රාජ්‍ය ආයතනවල මෙම තාක්ෂණික දෝෂය මතු වී නොමැති බව ඔහු වැඩිදුරට ත් සඳහන් ය.

‘Microsoft Windows’ මෙහෙයුම් පද්ධතියේ දෝෂයක් මතු වීම හේතුවෙන් ලොව පුරා ගුවන් සමාගම්, මාධ්‍ය ආයතන සහ බැංකු කටයුතුවලට බලපෑම් සිදු වී තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...