spot_img
spot_img

ක්‍රිෂ් ගනුදෙනුවේ නාමල්ට එරෙහි නඩු විභාගය නැවත කැඳවන්නැයි නියෝග

ක්‍රිෂ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි මස 22 නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (17) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත්තේ, රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...