spot_img
spot_img

ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින ක්ලබ් වසන්තගේ බිරිය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ශ්වසන ආධාර මගින් ප්‍රතිකාර ලබන ඇය පසුගිය ඉරිදා සිට ශ්වසන ආධාරකය නොමැතිව වැඩිදුරටත් ප්‍රතිකාර ලබන බව එම ආරංචි මාර්ග පැවසුවා.

පපු ප්‍රදේශයට වැදුණු වෙඩි පහර හේතුවෙන් පෙනහළු අභ්‍යන්තරයේ සිදුව ඇති ලේ ගැලීම් නතර කිරීම සඳහා සිදුකළ සැත්කම සාර්ථ වී ඇති අතර උදර ප්‍රදේශයේ බඩවැල් හා ගර්භාෂ ආශ්‍රිත ප්‍රදේශයට සිදුකල සැත්කම් තුනම සාර්ථක වී තිබෙනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8වනදා වෙඩිතබා ඝාතනය කෙරුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...