spot_img
spot_img

දේශීය ආදායම් එකට බරපතළ චෝදනා

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ආශ්‍රිත ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අය කළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම කාර්යාලය පෙන්වාදෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලාශ්‍රයන්ට අනුව රජයට අය විය යුතු නමුත් මෙතෙක් අයකරගෙන නොමැති එකතු කළ අගය මත බදු පිළිබඳ විශේෂ විගණන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් විගනකාධිපතිවරයා මේ බව සඳහන් කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ලේඛනවලට අනුව 2022 දෙසැම්බර් 31 වන දින වන විට වැට් හිඟ බදු මුදල් සහ එම හිඟ බදු මත පනවන දඬ මුදල්වල වටිනාකම රුපියල් බිලියන 369ක් වන අතර ඉන් රුපියල් බිලියන 255ක් වූ හිඟ ආදායම විවිධ හේතු මත අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

ඉන් අය කරගත හැකි ලෙස හඳුනාගෙන ඇති හිඟ බදු ශේෂය වූ රුපියල් බිලියන 114 වසර 13ක පමණ කාලයක සිට පැවත එන ශේෂයන් පවතින බව ද විගණනය මඟින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අයකරගත යුතු වැට් බදු නියමිත කාලය තුළ දී අයකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් දැනටමත් මහජනතාව විසින් කැප කිරීමක් කර රජයට ආදායමක් ලෙස ගෙවා තිබු ආදායමෙන් විශාල ප්‍රමාණයක් අවභාවිතා වීමේ හෝ රජයට අහිමිවීමේ අවදානමක් උද්ගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වගකීම් කාලීනව හා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව ඉටුනොකිරීම හේතුවෙන් මෙම බදු මුදල් රජයට අහිමිවීමට ප්‍රධාන හේතුව බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවේ සදහන්.

හිඟ බදු මුදල් පිළිබඳව කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු නොවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් සිදුකර ඊට හේතු හා සිදුවිය හැකි අක්‍රමිකතා හඳුනාගෙන එම හිඟ බදු අයකිරීම් කඩිනමින් සිදුකරන ලෙස ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් නිර්දේශ සිදුකර තිබෙනවා.

තව ද වංචනිකව නොසැලිකිලිමත්ව හෝ චේතනාන්විතව අයකර ගත හැකි හිඟ බදු හා දඬ මුදල් අයකරගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිළිබඳව ආයතනික මට්ටමින් හෝ ඉන් ඉහළ නියාමනයකින් පරීක්ෂණයක් සිදුකර වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව සුදුසු විනයානුකූල පියවර ගන්නා ලෙස අදාළ වාර්තාවෙන් වැඩිදුරටත් නිර්දේශ කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...