විදුලි මිල සංශෝධන කිරීමට සාපේක්ෂව භාණ්ඩ හා සේවා ගාස්තු සියයට විස්සකින් පමණ අඩුකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ ඉකුත් සමයේ ගෑස් මිල සහ ඉන්ධන මිලද අඩු වී ඇති බැවින් ව්‍යාපාරිකයින්ට පහසුවෙන් දැන් භාණ්ඩ හා සේවා මිල අඩු කළ හැකි බවයි.
කෙසේ වෙතත් මිල අඩුකිර්මක් සම්බන්ධව ව්‍යාපාරික ප්‍රජාව මෙතෙක් කිසිදු අදහසක් පළකර නැහැ.
ඉන්දන මිල හෝ විදුලි බිල ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යන ඕනෑම අවස්ථාවක ව්‍යාපාරිකයින් ෂණිකව භාණ්ඩ මිල ඉහල දැමුවත් මිල දු කිරීමකදී එම ලබය පාරිභෝගිකයාට නිසි ලෙස ලැබෙනවද යන්න සැමදාම ගැටළු සහගතයි.




