spot_img
spot_img

ගොවිජන සංවර්ධන නිලධාරින් 22ක් බඳවා ගැනේ

කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියම් සැපයීම උදෙසා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම ප්‍රගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සීමිත බඳවා ගැනීම් යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරින් 22ක් ගොවිජන සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අදාල නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (16) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු විය.

මෙම නිලධාරින් දැනට ගොවිජන සංවර්ධන නිලධාරින් සඳහා පුරප්පාඩු පවතින දිස්ත්‍රික්කවලට සේවය සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සේවාවන් ලබා ගැනීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙන ගොවි ජනතාවට එක් වතාවකින්ම ඔවුන්ගේ සේවාවන් ලබා දීම සඳහා කැප වී කටයුතු කරන ලෙස මෙම නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළේය.

එසේම විවිධ ගැටලු හා රාජකාරි මැඳ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ගොවි ගොවි ජනතාව රස්තියාදු නොකරන ලෙසත් ගොවි ජනතාවගේ විසඳිය හැකි ප්‍රශ්න ඒ මොහොතේදීම විසඳා දෙන ලෙසද පැවසු අමාත්‍යවරයා , රාජ්‍ය අංශයේ බොහෝ ආයතනවල සේවකයන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට ඉතාමත් පහත් ආකාරයට සළකන බවත් අපේ රටේ ජනතාවට ආහාර සපයන ගොවි ජනතාව යම් කිසි සේවාවක් ලබා ගැනිමට පැමිණියහොත් ඔවුන්ට හොඳින් කතා කරන්න යැයිද කීය.

මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න යන මහත්වරු සහභාගි වී සිටියහ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...