spot_img
spot_img

තලවතුගොඩ පැය විසි හතරම අවදියෙන් – අගමැති

නව බහුවිධ සංකීර්ණයත් සමග තලවතුගොඩ නගරය පැය විසි හතරම අවදිව සිටින නගරයක් බවට පත්වෙන්න ඉඩ කඩ තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන සහ බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම යටතේ වෙන්කිරුණු ප්‍රතිපාදන මගින් මහරගම නගර සභාවට අයත් නාවින්න පොදු ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂාගාරය ඉදිකිරීම්, කොට්ටාව ආදාහනාගාරයේ නව අවමංගල්‍ය උත්සව ශාලාව සහ තලවතුගොඩ බහුවිධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (17 ) එක්වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” පෞද්ගලික අංශයට තමයි ව්‍යාපාරික ප්‍රජාව හැටියට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. මේ අම්මල තාත්තලා කඩේ උදේ පාන්දර ආරම්භ කරලා පාන් ටික විකුණන වෙලාවෙ ඉඳලා රාත්‍රියට රූපවාහිනිය නිවුස් යනකම් කඩේ දොර ඇරලා විදුලි ලාම්පු දාගෙන වෙළඳාම් කරනවා. එයට අපි ගරු කළ යුතුයි. ආණ්ඩුවේ කඩයක් නම් ඕවර් ටයිම් දෙන්න ඕනේ. ඒක සමහර වෙලාවට පඩියටත් වඩා වැඩියි. නව බහුවිධ සංකීර්ණයත් සමග තලවතුගොඩ නගරය පැය විසි හතරම අවදිව සිටින නගරයක් බවට පත්වෙන්න ඉඩ කඩ තිබෙනවා. මෙවැනි ගෘහස්ථ කේන්ද්‍රස්ථාන ඉදි වූ බොහෝ නගර පැය 24ම අවධි වන නගර බවට පත්වෙලා තිබෙනවා. නගරයකට ගෘහස්ථ ක්‍රීඩාංගනයක් අවශ්‍යයි. පුංචි දරුවන්ට ළමා චිත්‍රපටියක් වුණත් පෙන්නන්න පුළුවන් තැනක් ඕනේ. මව්වරුන්ට විවිධ ස්වයං රැකියා පන්තියක් තියන්න පුළුවන්. ඒ මතයි අපේ රටේ අනාගතය දියුණුවට පරිවර්තනය වෙන්න පුළුවන් වෙන්නේ ” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...