Friday, June 5, 2026
spot_img
spot_img

උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල සහ හිල්ඔය දුම්රිය ස්ථන අතර අද (14) පිලී පැනීමට ලක්විය.

එම දුම්රියේ එංජිමේ රෝදයක් හා මැදිරි දෙකක රෝද කිහිපයක් පිලී පැනිමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

උඩරට මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා වූ කොටසේ මෙම වර්ෂයේ දී දිගින් දිගටම පිලී පැනීම සාමාන්‍ය තත්වයකට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙකුගේ හෝ වගකිවයුතු කිසිදු අයකුගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

මෙරටට පැමිණෙන සංචාරකයන් බහුල වශයෙන් දුම්රිය මාර්ගයේ මෙම ප්‍රදේශයේ අසිරිය නැරඹීමට අමතක නොකරන අතර එවන් කොටසක මෙසේ දිනපතාම දුම්රිය පිලි පැනීම් සිදුවීම ජාත්‍යන්තර වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අපකීර්තියක් බව ද වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කරයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...