Thursday, June 4, 2026
spot_img
spot_img

සජිත් උදව් කළොත් යළි එජාප සාමාජිකත්වය දෙනවා

සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී අද (14)පැවසීය.

මේ වන විට තමා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා

දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ යැයි සමගි ජන බලවේගය පවසන බවත් සජබෙ සමඟ එකතුවී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් බවත් කීය.නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බව කී ජනාධිපතිවරයා සජිත් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව සඳහන් කළේය.

රජයේ වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන “එක්ව ජයගමු”මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.‍ෙමහනුවර පොදු වෙළෙඳපොළ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම ජනරැළිය පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරනු ලැබීය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...