spot_img
spot_img

සර්පයින් 100ක් කලිසමේ සඟවගත් පුද්ගලයෙක්

සර්පයින් 100කට වැඩි සංඛ්‍යාවක් සිය කලිසමේ සඟවාගෙන චීනයේ ප්‍රධාන නගරයකට රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙක් එරට රේගු භාරයට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, දකුණු චීන නගරයක් වන ෂෙන්සෙන්හි රේගු නිලධාරීන් විසින් හොංකොං සහ චීනයේ ප්‍රධාන භූමිය අතර මුරපොළක් වන ෆුටියන් වරාය හරහා ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය.

එහිදී ඔහුගේ කලිසමේ සාක්කුවල තිබී ටේප්වලින් ඔතා තිබු කැන්වස් බෑග් 6ක් එම නිලධාරීන් සොයාගෙන තිබේ.

රේගු නිලධාරීන් බෑග් විවෘත කළ අතර එහිදී සෑම බෑගයකම විවිධ හැඩයන් සහ වර්ණවලින් යුත් සර්පයින් ගණනාවක් ඇති බව සොයාගෙන ඇත.

එහිදී සොයාගත් සර්පයින් ගණන 104ක් බව විදෙස් මාධ්‍ය පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සර්ප විශේෂ 5ක් එහිදී හඳුනාගෙන අතර කිසිම සර්ප විශේෂයක් විෂ සහිත නොවන බවයි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ දැයි රේගු ආයතනය දැනට ප්‍රකාශ කර නොමැති අතර රෙගුලාසි කඩ කළහොත් රේගුව නීතියට අනුව ක්‍රියා කරනු ඇති බවට රේගු ඒජන්සිය අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනු ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...