රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි තැබූ පුද්ගලයාව මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් නම්කර තිබෙනවා.
පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර, ඉන් හිටපු ජනාධිපතිවරයාගේ එක් කනක් තුවාල වී තිබුණා.
රෝහල්ගත කළ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිව් ජර්සි හි පිහිටි තම නිවසට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී එම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන අයෙකු බුද්ධි අංශ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
අද (14) එම පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිකිරීමට බලධාරීන් කටයුතු කළා.
එම සැකකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නැමැත්තෙක්.
මෙම සිද්ධියේදී රැළිය නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.




