spot_img
spot_img

පැමිණිල්ල විභාග නොකළ සැරයන්ගේ වැඩ තහනම්

කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

කුලියාපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ඉකුත් 11 වැනිදා සිට 12 වැනිදා දක්වා ජංගම සංචාරක රාජකාරියේ යෙදී සිට තිබෙනවා.

එහිදී කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ කාන්තාවකට කිසියම් පුද්ගලයකු විසින් අතවර කර ඇති බවට 119 හදිසි මධ්‍යස්ථානයෙන් පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරුට තොරතුරු ලබාදී ඇති අතර, එහිදී දුරකතන ක්‍රියාකරු විසින් ජංගම සංචාරයේ යෙදී සිටි පොලිසි සැරයන්වරයාට එම පැමිණිල්ල සම්බන්ධයෙන් දන්වා ඇති බවද අනාවරණය වී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...