spot_img
spot_img

ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට දේහය අවසන් ගෞරව සදහා තැන්පත් කර තිබෙන්නේ, බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ, ඒ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යොදවා ඇති බවයි.

ඒ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ සිරුර අවසන් ගෞරව සඳහා එම පෞද්ගලික මල් ශාලාවේ නොතබන ලෙස ලැබුණ නිර්නාමික දුරකතන ඇමතුමක් හේතුවෙන්.

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා පසුගිය සඳුදා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණේ අතුරුගිරිය ප්‍රදේශයේදීයි.

නයන වාසුල විජේසුරිය නැමැත්තා ද වෙඩි වැදිමෙන් ජිවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ, ගායන ශිල්පිනී කේ.සුජිවා මහත්මිය ඇතුළු තවත් හතරදෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර, අපරාධ සිදුවීම්වලට අදාළ අභ්‍යන්තර තොරතුරු ජනමාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබාදීම හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා ඇති වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...