සමගි ජන බලවේගය කළුතර දිස්ත්‍රික් රැලියට මන්ත්‍රී රාජිත සේනාරත්නට පැමිණීම තහනම් බව එම පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායක ජගත් පින්නගොඩ විතාන මහතා පවසනවා.
කළුතර දිස්ත්‍රික් සජබ රැලිය අද (13) මතුගමදී පවත්වන බව, ජගත් පින්නගොඩ විතාන මතුගම පැවැති ජනමාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.
එහිදී ඔහු මෙසේද පැවසීය.
“මේ රැලියට රාජිත සේනාරත්න සම්බන්ධ කරගන්නේ නැහැ. රාජිත සේනාරත්නට එන්නත් බැහැ. එයාට ඒ රැලිය තහනම්. ඒක වගකීමෙන් අපි කියනවා. අපේ නායකතුමා පරාජය කරන්න මාධ්‍ය භාවිතා කරපු රාජිත සේනාරත්නට මේ රැලියට එන්න බැහැ. එයාට ආපහු සමගි ජනබලවේගයේ ඉඩක් නැහැ. අපේ පක්ෂයේ සභාපතිතුමාටත් ඉඩ දුන්නේ නැහැ අපි. ආසන අටේම සියලු දෙනා භේදයකින් තොරව එක්වෙලා අපේ ශක්තිය පෙන්වීමට මේ මතුගම ජනරැලිය යොදාගන්නවා.”




