Wednesday, May 6, 2026
spot_img
spot_img

පාතාලයෙන් කොළඹ මල් ශාලාවකට යළි තර්ජනයක්

අතුරුගිරිය කඩුවෙල පාරේ ටැටු කලාගාරයක් තුළදී නාදුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට යලිත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තර්ජනාත්මක දුරකථන ඇමතුම සමග කියවී ඇත්තේ කංජිපාණී ඉම්රාන් ලබා දුන් දැනුම්දීම කැරෝකේ වසන්තගේ පවුලේ උදවියටද දැනුම් දුන්නේ ද ? යන්න බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එයා කාරයෙන් ඉකුත් 10 වෙනි දින එම මල් ශාලාවට ලද තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම තර්ජනාත්මක ඇමතුම් සමගම එම පෞද්ගලික මල්ශාලාවේ ශාඛා කාර්යාල දෙක ආසන්න මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අයුරු දක්නට ලැබිණි.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස කැරොකේ වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බවට කන්ජ් පානි ඉම්රාන් පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මදූශ් පිළිබඳ විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජි පානි ඉම්රාන් පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඉකුත් 8 වෙනිදින ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ඔහුගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය ගායිකා කේ සුජීවා සහ ඇයගේ සැමියා ඇතුළු කීප දෙනකුටූ ටැටු කලාගාර විවෘත කිරීමට උත්සවයට සහභාගී වී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටි 56 ගිනි අවියකින් තබා පලා ගොස් තිබිණි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...