spot_img
spot_img

පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

සැකකරුවන්ගෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් වීඩියෝ ගත කර මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (12) සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.

මීට පෙරද පසුගිය කාලවලදී පොලිස්පතිවරුන් මෙවැනි චක්‍රලේඛයන් නිකුත්කර ඇතත් එම චක්‍රලේඛ අනුව ක්‍රියාකර නැති බව පෙනෙන්ට තිබෙන නිසා පොලිස්පතිවරයා යළිත් මෙම චක්‍රලේඛය මෙසේ නිකුත්කර තිබෙන බව පැවසෙනවා.

මෙම තත්ත්වය මත සැකකරුවන් පිළිබඳව විමර්ශන කටයුතුවලට බාධාවන් වී ඇති බවද පොලිස්පතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

ක්ලබ් වසන්ත නොහොත් වසන්ත පෙරේරාගේ මරණය පිළිබඳ ටැටූ ආයතනයේ හිමිකරු පොලිසියට ලබාදුන් ප්‍රකාශ වීඩියෝ කර මාධ්‍යට ඉදිරිපත් කිරීමේ සිද්ධිය හේතුකර ගෙන පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය මෙසේ නිකුත් කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...