Sunday, May 10, 2026
spot_img
spot_img

අල්ලස් ගත් වාරි ඉන්ජිනේරුවා රිමාන්ඩ්

කණින ලද වැලි සහ පස් කුඹුරු සහ කලපු ඉඩම් වෙත බැහැර කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ 04 අල්ලසක් ඉල්ලා ලක්ෂ 02 මුදලක් ලබා ගත්තේ යැයි කියන අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු ලබන 19දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැටුණු වෙල මහතා අද (11)නියෝග කළේය.

ඉංජිනේරු මහමුදු හනිපා අකීල් අහමත් හා ඔහුගේ රියදුරු ලෙස සේවය කළේ යැයි කියන එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක අබ්දුල්ලා නින්දවුස් යන පුද්ගලයින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

වැලි හා පස් ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට අයත් කලපු සහ කුඹුරු වලට දැමීම නීති විරෝධී හෙයින් රජයේ අනෙකුත් කාර්යාල නිලධාරීන්ගෙන්ද සහය ලබාගෙන නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...