spot_img
spot_img

සජබයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක්

ජනාධිපතිවරණ ප්‍රචාරක උපක්‍රම සඳහා පොලිසිය යොදා ගැනීම සහ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරණ උත්සහයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද ලිපියක් භාරදී තිබෙනවා.

ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමන් සහ අශෝක් අබේසිංහ විසින්.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් යුතු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් වැඩමුළු පැවැත්වීම සදහා යැයි පවසමින් ප්‍රජා පොලිස් කම්ටු සාමාජිකයන් සහභාගීවන රැස්වීම් සූදානම් කර ඇති බවයි.

එමෙන්ම රජයේ මුද්‍රණාලයේ සේවකයන් අතර ව්‍යාකූලතාවයක් ඇති කර මැතිවරණ කටයුතු සදහා බාධා පැමිණවීමේ උත්සහයක් වාර්තා වන බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...