Saturday, May 9, 2026
spot_img
spot_img

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී ?

2025 දී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එවැනි තත්ත්වයක් උද්ගතවී ඇත්තේ එම තරගාවලිය පැවැත්වීමට නියමිත පාකිස්තානයේ සංචාරය කිරීමට ඉන්දීය කණ්ඩායම අකමැත්ත ප්‍රකාශ කර ඇති බැවින් බව සඳහන් වෙයි.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉන්දියාව ඉල්ලීමක් කිරීමට නියමිත බව එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙයි.

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය එම වසරේ මාර්තු මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර පාකිස්තානය පවසා ඇත්තේ ඉන්දීය තරග ලාහෝර් නගරයේ පැවැත්වීමට කටයුතු කරන බවයි.

නමුත් තමන් පාකිස්තානයට යාමට අදහස් නොකරන බව ඉන්දියාව පවසයි.

අවසන් වරට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කළේ 2008 වසරේදී ආසියානු කුසලාන තරගාවලිය සඳහාය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...