අද(10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ මහතා පවසනවා.
එම නියෝගය පිළිපදින්නේ නැති සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවද සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත අවසාන නිවේදනයක් නිකුත් කරමින් මුදලිගේ මහතා සඳහන් කළා.
Comments




