spot_img
spot_img

විශ්‍රාම වැටුප් වෙලාවට දාලා | විශ්‍රාමිකයින්ට සුබ පණිවිඩයක්

රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව ඊයේ (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසුවා.

ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

මේ සමඟ 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජූලි 10වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජූලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...