spot_img
spot_img

දෙදින නිල සංචාරයකට අලි සබ්‍රි සිංගප්පුරුවට

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා නිල සංචාරයක් සඳහා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, දෙදින නිල සංචාරයක් සඳහා අද (07) දිනයේ දී විදේශ අමාත්‍යවරයා සිංගප්පුරුව බලා යාමට නියමිතයි

සිංගප්පුරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියම් බාලක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එම සංචාරයේ නිරත වනවා.

දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් විදේශ අමාත්‍යවරයා එම සංචාරයේදී සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ලබනවා.

අද සහ හෙට යන දෙදෙන තුළ තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පවත්වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජුලි 09වනදා සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත “2024 රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිපික් සමුළුවට” සහභාගී වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...