Thursday, May 7, 2026
spot_img
spot_img

පියුමි තවත් පැටලැවිල්ලක

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරනවා.

මෙම වසර මුලදී කුෂ්‍ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 500 කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබුණා.

මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරු වන සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ලද තොරතුරු අනුව සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිවංශ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී යැයි පොලිසිය පැවසුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...