Thursday, May 7, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකාවේ උමා එංගලන්ත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් මහත්මිය ඊයේ පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන් මහත්මිය ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූවාය. බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියවීමට උමා කුමාරන් මහත්මිය වාසනාවන්ත වුණා.

ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් උමා කුමාරන් මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ලැබීම තමන් ලද ගෞරවයක් බවයි.

එසේම ඡන්දදායකයන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය කෙදිනකවත් කඩ නොකරන බවද ඇය පැවැසුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...