spot_img
spot_img

සරසවි අනධ්‍යන සේවකයින්ට රජයෙන් පොරොන්දුවක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලවල මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානයදී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

විශ්වවිද්‍යාල 17 ක සහ ඒකාබද්ධ පශ්චාත් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් 14,600 දෙ‍ෙනකු වැඩවර්ජනයක නිරත වීම හේතුවෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයම අකර්මණ්‍ය වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා කියා සිටියේ, සේවයට වාර්තා නොකළ දින නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමට සරසවි අනධ්‍යන සේවකයින්ට අවස්ථාව තිබෙන බවයි.

රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන්නැයි, ඔහු අනධ්‍යන සේවකයින්ගෙන් ඉල්ලීමක් කළේ ය.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 67 කි.

මාසික හිලව් දීමනාව ඉහළ නැංවීම හා 15% ක වැටුප් කප්පාදුවට විසඳුම් දෙන්නැයි ඉල්ලා ඔවුන් වැඩවර්ජනයක නිරත වෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...