Thursday, June 4, 2026
spot_img
spot_img

රාජ්‍ය දේපළ විකිණීම පොහොට්ටු ප්‍රතිපත්තිය නොවේ

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු ලැබූ නිර්නායකයන් මොනවාදැයි වහාම රටට හෙලිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

විශේෂයෙන්ම මත්තල ගුවන් තොටුපොළ හිල්ටන් හෝටලය මෙසේ ප්‍රතිව්‍යුහගත කරනවා නම් එයට ආයෝජනය කිරීමට පැමිණි අයවලුන්ට එම ආයතන ලබාදීමේ දී අනුගමය කල ක්‍රියාපටිපාටිය කුමක්ද සලකා බැලූ නිර්නායක මොනවාද යන්න රටට හෙලිදරව් කළයුතු බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා නම් ඊට සුදුසු සමාගම් හෝ පුද්ගලයින්ට ලබාදිය යුතු බවත් වඩාත් පාරදෘශ්‍ය හා විනිවදභාවයකින් සිදුකළ යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

පාරදෘශ්‍යභාවයකින් තොරව කඩිමුඩියේ කරන ගනුදෙනුවලට තමා විරුද්ධ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

රාජ්‍ය ආයතන විකිණීම තමන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...