spot_img
spot_img

ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භය අද

2024 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අද( 01 ) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහි ආරම්භක තරගය අද රාත්‍රී 7.00ට කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

එසේම මෙම තරගයට පෙර අති උත්කර්ෂවත් අන්දමින් සමාරම්භක උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 තරගාවලියේ පළමු තරගයද ඇතුළුව තරග 5ක් මහනුවර පල්ලෙකැල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර 5 වැනිදා සිට 10 වැනිදා දක්වා තරග 9ක් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් ඉන් අනතුරුව 13 වැනිදා සිට තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩාම් 5ක් එක්වනවා.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා විස්සයි-20 නායක වනිඳු හසරංගටද, කලම්බු ස්ට්‍රයිකර්ස් නායකත්වය තිසර පෙරේරාද, දඹුල්ල සික්සර්ස් නායකත්වය මොහොමඩ් නබීට ද, ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ලටද, ලයිකාස් ජැෆ්නා කිංස් නායකත්වය මෙවර ශ්‍රී ලංකා සුපිරි මැදපෙළ පිතිකරු චරිත් අසලංකට ද හිමිව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...