spot_img
spot_img

අලුත් ඉන්ධන පිරවුම්හල් 100 කට අනුමැතිය

‘සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය ලබාදි තිබෙන බව එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසනවා.

ජනාධිපතිවරණයක් මෙම මස නිවේදනය කිරීමට නියමිතව තිබියදී ඉන්ධන පිරවුම්හල් 100 ක් වැනි විශාල සංඛ්‍යාවකට අනුමැතිය දීම පිළිගත නොහැකි බවත් ලංකා ඉතිහාසයේ මෙවැනි විශාල ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවකට එකවර අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය බවත් වෘත්තිය සමිති සඳහන් කරනවා.

ඉන්ධන පිරවුම්හල් හතරකට පහකට එකවර අනුමැතිය ලැබුණු අවස්ථාව තිබුණ ද මෙවැනි විශාල පිරවුම්හල් සංඛ්‍යාවක් එකවර ඉදිරිකිරීම සැක සහිත බව පවසන වෘත්තිය සමිති මෙම පිරවුම්හල් පැවරීමේ ගණුදෙනුද සැකසහිත මෙන්ම ඒවායෙන් වැඩි සංඛ්‍යාවක් දේශපාලඥයන් සහ ඔවුන්ගේ හිතවතුන්ට පවරා ඇති බව පවසා තිබෙනවා.

ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමට පිළියමක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව යටතේ තිබූ ඉහළතම අළෙවියක් තිබූ ඉන්ධන පිරවුම්හල් ඇතුළු පිරවුම්හල් 450 ක් විදේශ පෞද්ගලික සමාගම්වලට දී නව පිරවුම්හල් ඉදිකිරීම පිළිගත නොහැකි බවත් නව පිරවුම්හල්වලට ඉන්ධන සැපයීමට සංස්ථාව ඩොලර් වැයකර ඉන්ධන ආනයනය කළ යුතු බවත් වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු ආණ්ඩුව මෙයට පිළිතුරු සැපයිය යුතු බව පවසන වෘත්තිය සමිති නියෝජිතයෝ එම ඉන්ධන පිරවුම්හල් පැවරූ ආකාරය ජනතාවට හෙළි කළ යුතු බවද සඳහන් කරනවා.

විදේශ පෞද්ගලික සමාගම් පිරවුම්හල් ඉදිකිරීමට කිසිඳු වියදමක් නොකර ඉන්ධන ආනයනය පමණක් කර ලාභ ලබමින් සිටින බවත් නියෝජිතයින් නව පිරවුම්හල් ඉදිකරන්නේ නම් එම පිරවුම්හල් විදේශ සමාගම්වලට දීමේ අවස්ථාව තිබුණ බවද පැවසෙනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් දර්ශන රත්නායක මහතා මේ පිළිබඳව පවසා තිබෙන්නේ සිපෙට්කෝ සතුව තිබූ පිරවුම්හල් 450 ක් විදේශ සමාගම්වලට පැවරීම නිසා නව ඉන්ධන පිරවුම්හල් 300 ඉදිරිකිරීමට බලශක්ති අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බවත් ඉන් පිරවුම්හල් 300 න් කොටසකට මෙසේ පසුගිය සතියේ අනුමැතිය දුන් බවත්ය.

එම ඉන්ධන පිරවුම්හල් පැවරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා තේරීම් මණ්ඩලයක් හරහා පැවරුම්ලාභීන් තෝරාගත් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ අනුමැතිය ලැබුණු ලැයිස්තුව ද නැවත අනුමැතියක් සඳහා බලශක්ති අමාත්‍යංශයට යොමු කරන බවත් දර්ශන රත්නායක මහතා වැඩි දුරටත් පවසා තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...