spot_img
spot_img

කෝලි සහ ශර්මා ජාත්‍යන්තර 20යි 20 පිටියට සමුදෙයි

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඊයේ (29) රාත්‍රියේ අවසන් වුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්.

අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

මෙම ජයග්‍රහණයෙන් පසු සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි සහ රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කළා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන ලබාගැනීමෙන් පසු කෝලි සිය සමුගැනීම නිවේදනය කරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ, මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තම ක්‍රිකට් දිවියේ අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරාට් කෝලි සඳහන් කළේ,

“මේක මගේ අවසන් විස්සයි විස්ස ලෝක කුසලානය, අපට ලබාගැනීමට අවශ්‍ය වූණේ මෙයයි.මේක තමයි මම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් විස්සයි විස්ස තරගය, මේක ප්‍රසිද්ධ රහසක් අපි ,මේ තරගය පැරදුනත් මම මේ තීරණය ගන්න හිටියේ. ඊළඟ පරම්පරාවට ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට මේක තමයි කාලය. ඓCC තරගාවලියක් ජයග්‍රහණය කරනතෙක් අපි බොහෝම කාලයක් බලා සිටියා”

එහිදී අදහස් දැක් වූ රෝහිත් ශර්මා,

“මෙය මගේ අවසන් T20 තරගය. ” මෙයට සමු දීමට මීට වඩා හොඳ කාලයක් නැහැ. මම මේ සෑම මොහොතකටම ආදරය කළා. මම මගේ ඉන්දීය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මෙම T20 ක්‍රීඩා කරමින්. මට අවශ්‍ය වූයේ ලෝක කුසලානය දිනා ගැනීමටයි.මට මේක ඉතාමත් සංවේදී අවස්ථාවක්. ඒක වචන වලින් කියන්න අමාරුයි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...