spot_img
spot_img

ඉන්දියාව 2024 T20 ලෝක කුසලාන ශූරයින් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය ලබා ගැනිමට ඉන්දියාව සමත් වුණා.

ඒ තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකාව ලකුණු 07කින් පරාජයට පත් කරමින්.

ප්‍රථමයෙන් පහර දුන් ඉන්දිය ක්‍රිඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය නායක රෝහිත් ශර්මා ලකුණු 9ක් පමණක් ලබා සිටිය දී කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

පසුව පැමිණි රිෂාබ් පාන්ට් ලකුණු නොලබා ම දැවී ගිය අතර සූර්ය කුමාර් යාදව් අනතුරුව තුන් වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 34ක් ලෙස දැක් වුණා.

කෙසේ නමුත් මෙම තරගාවලියේ විරාත් කෝලි සහ අක්සාර් පටෙල් හා පිටියේ ස්ථාවර වෙමින් කඩා වැටී තිබූ ඉන්දිය ඉනිම ගොඩ නැගිමට සමත් වූයේ ලකුණු 72ක සබඳතාවක් ගොඩනගමින්.

එම සබඳතාව බිඳී ගියේ දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩී කොක් මනා කල් යල් බැලීමකින් පසුව අක්සාර් පටෙල්ව දුවද්දී දැවී යාමකට හසු කර ගැනිමත් සමඟයි.

අක්සාර් පටෙල් දැවී යන විට ඔහු ඉන්දියාව වෙනුවෙන් වටිනා ලකුණු 47ක් ‍රැස් කරගෙන සිටියා.

සාර්ථක ම ඉනිමක් දියත් කළ විරාත් කෝළි පන්දු 56කින් ලකුණු 76ක් ලබා ගත් අතර ශිවම් ඩුබේ ඉන්දියාව වෙනුවෙන් වටිනා ලකුණු 27ක් රැස් කළා.

මේ අතර සිය ක්‍රිකට් ඉතිහාසය තුළ මංගල ලෝක කුසලානය දිනා ගැනීමට තරග වදින දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී කේෂව් මහරාජ් හා එන්රික් නොකියා කඩුලු 2ක් ද කගීසෝ රබාඩා, මාකෝ යැන්සන් හා එක් කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.

අද වාර්තා කළ මෙම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට වාර්තා වනවා.

ඉන්දියාවේ මෙම ප්‍රබල ඉලක්කය හබා ගිය දකුණු අප්‍රිකාවට කඩුලු 8ක් දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 169ක් පමණයි.

එහිදී පන්දුවට පහරදීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ Reeza Hendricks ලකුණු 04(05) කට ද, නායක Aiden Markram ද ලකුණු 04(05) කට ද, Tristan Stubbs ලකුණු 31(21) කටත්, Quinton de Kock ලකුණු 39(31) කටද, Marco Jansen ලකුණු 02(04) කට ද, David Miller ලකුණු 21(17)ක්ද, Keshav Maharaj නොදැවී ලකුණු 02(07)ක්ද, Kagiso Rabada ලකුණු 04(03) ක්ද, රැස් කිරීමට සමත් වුණා.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Heinrich Klaasen පන්දු 27කදී ලකුණු 52ක් රැස් කරගෙන සිටියදී පාන්ඩ්‍යාගේ පන්දුවකට දැවී ගියා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Hardik Pandya කඩුළු 03ක්ද, Arshdeep Singh සහ Jasprit Bumrah කඩුළු 02 බැගින්ද, Axar Patel එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

මෙවර ලෝක කුසලානයේ එකඳු හෝ තරගයක් පරාජය නොවුණු ඉන්දියාව මෙන්ම දකුණු අප්‍රිකාව ද අවසන් තරගයේදී තරග වදින අතර ලෝක කුසලානයක කණ්ඩායම් දෙකම අපරාජිතව සිටිමින් අවසන් මහා තරගයක් පැවැති පළමු අවස්ථාව ද මෙය වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...