spot_img
spot_img

ඉන්දියාවෙන් අප්‍රිකාවට කුණු 177ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබා ගැනිමට සමත් වුණා.

නායක රෝහිත් ශර්මා ලකුණු 9ක් පමණක් ලබා සිටිය දී කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

පසුවපැමිණි රිෂාබ් පාන්ට් ලකුණු නොලබා ම දැවී ගිය අතර සූර්ය කුමාර් යාදව් අනතුරුව තුන් වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 34ක් ලෙස දැක් වුණා.

කෙසේ නමුත් මෙම තරගාවලියේ විරාත් කෝලි සහ අක්සාර් පටෙල් හා පිටියේ ස්ථාවර වෙමින් කඩා වැටී තිබූ ඉන්දිය ඉනිම ගොඩ නැගිමට සමත් වූයේ ලකුණු 72ක සබඳතාවක් ගොඩනගමින්.

එම සබඳතාව බිඳී ගියේ දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩී කොක් මනා කල් යල් බැලීමකින් පසුව අක්සාර් පටෙල්ව දුවද්දී දැවී යාමකට හසු කර ගැනිමත් සමඟයි.

අක්සාර් පටෙල් දැවී යන විට ඔහු ඉන්දියාව වෙනුවෙන් වටිනා ලකුණු 47ක් ‍රැස් කරගෙන සිටියා.

සාර්ථක ම ඉනිමක් දියත් කළ විරාත් කෝළි පන්දු 56කින් ලකුණු 76ක් ලබා ගත් අතර ශිවම් ඩුබේ ඉන්දියාව වෙනුවෙන් වටිනා ලකුණු 27ක් රැස් කළා.

මේ අතර සිය ක්‍රිකට් ඉතිහාසය තුළ මංගල ලෝක කුසලානය දිනා ගැනීමට තරග වදින දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී කේෂව් මහරාජ් හා එන්රික් නොකියා කඩුලු 2ක් ද කගීසෝ රබාඩා, මාකෝ යැන්සන් හා එක් කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.

මේ අතර ඉන්දීය කණ්ඩායම අද වාර්තා කළ මෙම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...