spot_img
spot_img

දූෂිතයන්ගේ ලයිස්තු නීතිපතිට අල්ලස් කොමිසමට

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්දේශ එම කාරක සභාවල තීරණ පරිදි නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කෝපා කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීම සඳහා වූ අනුකාරක සභාවේ අවධානය යොමුවී ඇත.

එසේම ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා එම ආයතනවලට නිශ්චිත කාල රාමුවක් හඳුන්වා දිය යුතු බවද එම අනුකාරක සභාව පෙන්වා දෙයි.

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා මැලේසියාව ඉන්දියාව වැනි රටවල විශේෂිත යාන්ත්‍රණයක් හෝ වෙනම ආයතන පවතින බවත් මෙරටේද එවැනි යාන්ත්‍රණයක් ඇති කළ යුතු බවත් අනුකාරක සභාව සඳහන් කරයි.

ඉහත කාරක සභා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සහ ක්‍රියාත්මක නොවීම පිළිබඳ පසු විපරම් කිරීමට සහ ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමට ඉදිරිපත් කෙරුණු නිර්දේශ සහිත වාර්තාව පිළිබඳවද මෙම කමිටුවේදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මෙම අනුකාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය කර ඇත.

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය සඳහා පත්කර ඇති අනුකාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා රැස්විය.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...