spot_img
spot_img

රේනෝ කම්කරු නඩුවෙන් පරාදයි | ලක්ෂ 135 ක් වන්දි දෙන්න නියෝග

හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) ltd ආයතනය අද (28) පරාජයට පත්ව තිබෙනවා.

ඒ අනුව මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතාට සේවය අවසන් කිරීමේදී එම ආයතනය නගා තිබූ චෝදනා කිසිවක් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අසමත්වූ බව අධිකරණය නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සදහන් කළා.

එමෙන්ම ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා ආයතනයේ පාලනාධිකාරිය විසින් කිසිදු පදනමකින් තොරව හිතලුවක් ලෙසින් නගා ඇති බවත් ඒ අනුව වගඋත්තරකාර Asia Broadcasting Corporation සමාගම මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 135 ක මුදලක් ගෙවිය යුතු බවත් නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සදහන් කළේ එළැඹෙන අගෝස්තු මස 02 වැනිදා දක්වා අභියාචනා කිරීමේ කාලයක් වගඋත්තරකාර පාර්ශවයට හිමිවන අතර ඒ දක්වා අදාළ වන්දි මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...