spot_img
spot_img

රේනෝ කම්කරු නඩුවෙන් පරාදයි | ලක්ෂ 135 ක් වන්දි දෙන්න නියෝග

හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) ltd ආයතනය අද (28) පරාජයට පත්ව තිබෙනවා.

ඒ අනුව මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතාට සේවය අවසන් කිරීමේදී එම ආයතනය නගා තිබූ චෝදනා කිසිවක් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අසමත්වූ බව අධිකරණය නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සදහන් කළා.

එමෙන්ම ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා ආයතනයේ පාලනාධිකාරිය විසින් කිසිදු පදනමකින් තොරව හිතලුවක් ලෙසින් නගා ඇති බවත් ඒ අනුව වගඋත්තරකාර Asia Broadcasting Corporation සමාගම මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 135 ක මුදලක් ගෙවිය යුතු බවත් නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සදහන් කළේ එළැඹෙන අගෝස්තු මස 02 වැනිදා දක්වා අභියාචනා කිරීමේ කාලයක් වගඋත්තරකාර පාර්ශවයට හිමිවන අතර ඒ දක්වා අදාළ වන්දි මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...