spot_img
spot_img

ලංකාවේ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ජපානය සූදානමින්

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසනවා.

අද (28) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට ද්විපාර්ශ්වික ණයහිමියන් සමග අත්සන් තැබීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපානය අඛණ්ඩ සහාය ලබාදෙන බවද තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා,

“එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාවට ණය අර්බුදය විසදීමට සහාය වීම සඳහා ජපානය උපරිම අන්දමින් කටයුතු කරනවා. අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබූ වහාම මෙරට ජපාන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා මුදල් යෙදවීම වේගවත් කිරීමට අප උත්සාහ කරනවා. මූල්‍ය අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට අබණ්ඩව සහාය වනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...