රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය සේවා කාලය නොසලකා රු 25,000/- ක විශේෂ මාසික දීමනාවක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධරයන්ට ද හිමි වන බවයි සඳහන් වන්නේ.
මෙයට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම විධිවිධාන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.




