spot_img
spot_img

විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවලා

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමිකයින් 419 දෙනෙකු සඳහා රුපියල් කෝටි 4කට අධික මුදලක් වැඩිපුර ගෙවා ඇති බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

මියගිය බව දැනුම් දීමට ප්‍රමාදවීම, ජීවිත සහතික ලබා නොදෙන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර කිරීමට කටයුතු නොකිරීම, විශ්‍රාම වැටුප් චක්‍රලේඛවලට අනුගත නොවීම සහ වෙනත් හේතුන් මත මෙලෙස මෙම මුදල් ගෙවීම් සිදු කර ඇති බව විගණන නිලධාරීන් පෙන්වා දී ඇත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වුණි.

ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීමේදී සිදුවන අක්‍රමිකතා සහ ගැටලු හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...