20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.
ඒ, එම තරගය කඩුලු 9කින් ජය ගනිමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දු ඕවර 11 පන්දු 5ක් තුළ දී සියලුදෙනා දැවී රැස්කරගනු ලැබුවේ, ලකුණු 56ක් පමණයි.
එහිදී ඇෆ්ගනිස්තාන ඉනිම වෙනුවෙන් Azmatullah Omarzai ලකුණු 10ක් රැස් කළා.
පන්දු යැවීමේදී Marco Jansen සහ Anrich Nortje කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹා යෑම ඇරඹු දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පන්දු ඕවර 8 පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් ජයග්‍රහණය සනිටුහන් කළා.
ඒ අනුව, අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.




