spot_img
spot_img

ජනපති නීතිපති ගැන ගෙනා යෝජනාව යළිත් පරාජය වෙයි

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව පැවැත්වූ ඡන්දයෙන් අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මින් පෙර අවස්ථාවකද, නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කර ඇති නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

නීතිපතිවරයාගේ සේවා දීර්ඝය පිළිබඳ ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වුවත් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වුණා.

නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31වනතෙක් සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කර තිබුණා.

ඒ අනුව නීතිපති රාජරත්නම්ගේ සේවා කාලය ලබන අද (26) දිනයෙන් අවසන් වීමට නියමිත වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...