උතුරේ ඉපදුන ශ්‍රි ලාංකික සම්භවයක් සහිත නීතිඥවරියක වන ක්‍රිෂ්ණි රෙෂිකරන් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වැදීමට ඉදිරිපත් වී සිටිනවා.
නීතිඥවරියක ලෙසින් අද දැවැන්ත සමාජ කාර්යයක් කරන ක්‍රිෂ්ණි ගේ ජීවිත කතාව වේදනාත්මක එකක්.
ඇය කුඩාකලම සිය මව්පියන් අහිමි වීමෙන් පසුව ඥාතියෙකු සමග ලන්ඩනයට ගොස් හැදී වැඩෙන්නේ ළමා නිවාසයකයි.
“ කුඩා කළ විශාල හැලහැප්පීම් ගණනාවකට මුහුණ දෙමින් මේ රටේ ළමා නිවාසයක හැදී වැඩුන මට මගේ ජීවිතයේ මේ ඉන්න තැන අත්පත් කරගන්න හැකි වුනේ මේ සමාජයේ රැකවරණය නිසා” බව ඇය ප්‍රකාශ කළා.
ක්‍රිෂ්ණි මේ වනවට සිය ජීවිතය සමාජ සේවය වෙනුවෙන් සහ දේශපාලන ඉදිරි ගමනක් වෙනුවෙන් කැප කර තිබෙනවා.
ඇය වෘත්තීය නීතිඥවරියක ලෙස ලන්ඩනයේ පුණ්‍යායතනයක ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක සේවය කරනවා.
ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කිරීමත් සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටීමත් තම එකම බලාපොරොත්තුව බව පවසන ක්‍රිෂ්ණි බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී චැටන් සහ සෙම් යන පළාත් වලට ලිබරල් ඩිමොක්රටික් පක්ෂය සමඟ සන්ධානගත වූ කොන්සර්වේටිව් පක්ෂයෙන් තරග කිරීමට සූදානම්.
දැනට ඇය ජීවත් වන්නේද චැටන් ප්‍රදේශයේයි.




