spot_img
spot_img

ග්‍රාම නිලධාරීන් යළිත් වර්ජන ක්‍රියාමාර්ගයකට සුදානම්

ග්‍රාම නිලධාරීන් හෙට (27) සහ අනිද්දා (28) සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පවසා සිටියේ, ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අකුරුට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගෙන ඇති බවයි.

ඔවුන් රජයට බල කරමින් ඉල්ලා සිටින්නේ තම සේවා ව්‍යවස්ථාව සම්පාදනය කරදෙන ලෙසත් 2016යෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව හෝ ඉන්ධන දීමනාව හෝ කුමක් හෝ දීමනාවක් වැඩි කර දෙන ලෙසයි.

මෙම දීමනා කිසිවක් අයවැය වෙනතුරු ලබාදීමට නොහැකිනම් යම් දීමනාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...