spot_img
spot_img

වජිර නැවතත් හිස ඔසවයි – රනිල්ගෙන් ගිලිහුනොත් රට යටත් විජිතයක් වෙයි

රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණ නිසා කෙටි කලකදී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බව කී අබේවර්ධන මහතා සදහන් කළේ රටේ ආර්ථිකය ගොඩ නගන මෙම ගමනට සියලු ජනතාව වෛරය, ක්‍රෝධය, කුහක කමකින් තොරව සහයෝගය දිය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීමට ගාල්ල රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අබේවර්ධන මහතා මේ බව සදහන් කළා.

රනිල් රට විකුණනවා යැයි ඇතැමුන් චෝදනා නගන බව කී අබෙිවර්ධන මහතා රට විකිණුවත් බංකොලොත් රාජ්‍යයක් මිලදී ගන්නේ කවුදැයි ප්‍රශ්න නැගුවා

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...