spot_img
spot_img

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ’’ රස’’ වැඩිවෙයි

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන මත් ද්‍රව්‍ය රසායනාගාරය හා වස විෂ රසායනාගාරය නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩි දියුණු කර විවෘත කිරීම අද සිදුකෙරුණා.

කොරියානු රජයේ සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ( KOICA) මුල්‍ය ආධාර යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 4.5 ක මුදලක් වැය කරමින් 2022 – 2024 දෙසැම්බර් දක්වා කාලයේ ක්‍රියාත්මක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රසායනාගර පද්ධතිය වැඩි දියුණු කිරීම සිදු කර තිබෙනවා.

දැනට පවතින පරීක්ෂණාගාර වල ඉඩකඩ පහසුකම් වැඩි කරමින් නව පරීක්ෂණාගාර ස්ථාපිත කිරීම, පරීක්ෂණාගාර සදහා නවීණ උපකරණ ලබාදීම, පරීක්ෂණාගාරවල උපකරණවලින් ලබා ගන්නා දත්ත බාගත කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම හා රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා පුහුණුවීම් ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනී මියොන් ලී මහත්මිය ද සහභාගී වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...