spot_img
spot_img

රටබීම ෆැක්ටරිවලින් කෝටි 725 ක බදුපොල්ලක්

මත්පැන් නිෂ්පාදන ආයතන 39 ක් රුපියල් කෝටි 725 ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්.

මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් රුපියල් කෝටි 715ක්ද රානිෂ්පාදන ආයතන 13කින් රුපියල් ලක්ෂ හැට දෙකකට වැඩි මුදලක් ද මත්පැන් ස්කාගාර තුනකින් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්ද වශයෙන් බදු ගෙවීම මෙසේ පැහැර හැර ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

මෙයට අමතරව මත්පැන් නිෂ්පාදන ආයතන හතරකින් අපතය සඳහා හිඟ බදු වශයෙන් රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්ද පවතින බව විගණන අංශ පවසනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට විගණනයට ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තා අනුව මෙම ගණනය කිරීම් කර ඇත. සුරා බදු නිවේදන වල විධිවිධාන ප්‍රකාරව හිඟ ආදායම අය කරගැනීමට කටයුතු කර නොතිබූ බවත් මුළු හිඟ සුරා බදු ආදායම ක්‍රමයෙන් වැඩිවීමක් නිරීක්ෂණය වන බවත් විගණන කාර්යාලය සදහන් කළා.

මේ අතර බීඩි කර්මාන්තයේ නිරත ආයතන 318කින් ආයතන දෙසිය දොළහක් ලියාපදිංචිය අලුත් කර නොතිබූ බවත් ඒ සම්බන්ධයෙන් පසු විපරමක් ද කර නොතිබූ බවත් විගණන වාර්තාවේ සදහන්.

ලියාපදිංචි කර තිබූ ඉතිරි ආයතන 106 න් පසුගිය වසරේදී කිසිදු බදු මුදලක් අය වී නොතිබුණු බව සඳහන් කරන වාර්තාව බදු අය කර ගැනීමේ දී සුළු පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන් නිෂ්පාදකයන් වර්ග කර නොතිබූ බවද දැක්වෙනවා.

මෙම තොරතුරු සඳහන් වන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...