spot_img
spot_img

ස්ටාලින් ඇතුළු පිරිසකට තහනමක්

අද (26) දහවල් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු – විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව අද (26) උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම වළකින ලෙසත් සංදේශ භාරදීම සඳහා සුළු කණ්ඩායමකට පමණක් වගකිව යුතු රජයේ නිලධාරියෙකු නීත්‍යානුකූලව ලබාගත් අවසරයක් මත ඇතුළු වීමට බාධාවක් නොමැති බවටත් අධිකරණ නියෝගයේ සදහන්.

මේ අතර පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසත් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1X පරිචේදයේ ප්‍රතිපාදන පරිදි හා විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

මේ අතර නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ මුලික අයිතිවාසිකම ට මෙම නියෝගයෙන් කිසිදු බාධාවක් නොමැති බව ද එම අධිකරණ නියෝගයේ සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...