spot_img
spot_img

අධිවේගයේ මහා මුදල් කොල්ලයක් – 22කගේ වැඩ තහනම්

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස්. පි. එම්. සූරිය බණ්ඩාර මහතා පැවසුවා.

අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂක ,අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරන අංශයේ) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි. එච්. ගුණසිංහ මහතා විසින් එම වැඩ තහනම සිදුකර තිබෙනවා.

2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ බව කියන එම මහා පරිමාණ මුදල් වංචාව විදුලිය පැවති අවස්ථාවේදී ද විසන්ධි කර හා ඉන් අනතුරුව විදුලි වයර් කපා ද ඉතා කූට අන්දමින් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් 27 කු සේවයේ යෙදෙන අතර එයින් 22 කු මෙම වංචාව සිදුකර ඇති බවයි.

එම සේවකයන් විසින් විදුලිය විසන්ධි කර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමෙන් අනතුරුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කරගෙන මහා පරිමාණ මුදල් වංචාව එකි කාලය තුල සිට සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

2024 ජනවාරි මස අගභාගයේ දින කීපයක් තුළ ආරක්ෂිත කැමරා අක්‍රිය කිරීමෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක මුදලක් වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...