spot_img
spot_img

පොල්තෙල් ආනයන බදු අඩු කරන්න යයි

වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහල යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා දැනට අය කරන බද්ද රුපියල් 150කි.

දැනට රටේ ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 70,000ක් ඇතැයි ද 2023ට සාපේක්ෂව මෙම ප්‍රමාණය තුන් ගුනයක ඉහල යාමක් බවද අමාත්‍යාංශය පවසයි.

එම නිසා කිසිසේත්ම පොල්තෙල් හිඟයක් රට තුළ නොමැති අතරම මිල ඉහල දැමීමට පොල්තෙල් මාෆියාව විසින් ගෙනයන ප්‍රයත්නය කූඨ උපායක් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එමෙන්ම 2025 තෙක් ආනයනික පොල්තෙල් සඳහා අය කරන වෙ⁣ළෙඳ බද්ද නැවත ඉහල දැමීමට කිසිසේත්ම රජය අපේක්ෂා නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...